ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් කළ ඊයේ ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය තව දුරටත් ක්‍රියාත්මකයි.
තැපැල් වෘත්තීය සමිති කිහිපයක් ඊයේ (17) පස්වරු 4.00 සිට මෙම වර්ජනය ක්‍රියාමාර්ගය ආරම්භ කළා.
තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කළේ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ඊයේ පස්වරුවේ ආරම්භ වූ මෙම වැඩවර්ජනය ඊයේ (17) මධ්‍යම රාත්‍රීයේ සිට දිවයින පුරා ක්‍රියාත්මක බවයි.
තැපැල් සේවකයින් මෙලෙස අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීරණ වූයේ සේවයේ නියුතු සියලුම තැපැල් නිලධාරීන්ගේ නිවාඩු ඊයේ (17) දිනයේ සිට අවලංගු කිරීමට පියවර ගෙන ඇති පසුබිමකයි.
මේ අතර මෙම වර්ජන ක්‍රියාමාර්ගයට උප තැපැල් කාර්යාල 3,354ක උප තැපැල් ස්ථානාධිපතිවරු සහභාගී නොවන බවයි තැපැල්පතිවරයා පැවසුවේ.





