වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට සිදුකරන බියවැද්දීම් සම්බන්ධයෙන් ඉදිරියේ දී නීතිය හමුවට යන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා.
මේ අතර සේවයට නොපැමිණෙන සියලු තැපැල් සේවකයින් තනතුර අතහැර ගියා සේ සළකා කටයුතු කිරිමට සිදුවන බවට තැපැල්පතිවරයා විසින් යොමුකළ අනීතික නිවේදනය වහාම ඉවත්කර ගතයුතු බවයි එම වෘත්තිය සමිති පෙරමුණ සඳහන් කළේ.
එසේ නොමැති වුවහොත් තැපැල් වෘත්තිය සමිති සමඟ සකච්ඡාවකට හෝ පැමිණීමට නොහැකි වනු ඇති බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ අනතුරු අඟවා සිටියේ.
මේ අතර තැපැල් වෘත්තිය සමිති ගෙන යන සටනට රටේ සමස්ත වෘත්තිය සමිති ජාලය සහයෝගය පළ කිරීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු එච්.ඒ.ආර් නිහාල් සඳහන් කළා.
එම සහයෝගය පළකරන ආකාරය සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳව අද (22) දිනයේ සාකච්ඡාවක් පවත්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) පස්වන වන දිනටත් ක්‍රියාත්මක කරන අතර, අද උදෑසන සිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව ද යොදවා තිබෙනවා.





