තැපැල් වර්ජනය අද පස්වන දිනටත් – වර්ජනයේ නිරත සේවකයින්ට අගෝස්තු පඩිය නැහැ

ඉල්ලීම් 19ක් මුල්කරගනිමින් තැපැල් සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) පස්වන දිනටත් ක්‍රියාත්මකයි.

මේ අතර සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු පසුගිය 17 වනදා සිට අවලංගුකර ඇති පසුබිමක, විධිමත් නිවාඩු අනුමැතියකින් තොරව සේවයට නොපැමිණෙන සේවකයින්ගේ අගෝස්තු මස වැටුප් නොගෙවන බවයි තැපැල්පති රුවන් සත්කුමාර සඳහන් කළේ.

වර්ජනයේ නිරත වෘත්තීය සමිති ද ලිඛිතව මෙම තීරණය පිළිබඳව දැනුම් දී ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම සේවයට නොපැමිණෙන සියලුම තැපැල් සේවකයින් ඔවුන්ගේ තනතුර අතහැර ගියා සේ සළකා කටයුතු කරන බවයි ඊයේ (21) නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පතිවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?