තැපැල් ඡන්ද සලකුණු කිරීම ගැන සාකච්ඡාවක් හෙට – දිලිත්, බෝපගේ ඇප බඳියි

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා දින 4ක කාලයක් ලබාදීමට මැතිවරණ කොමිසමේ අවධානය මේ වනවිට යොමු වී තිබෙනවා.

එම කොමිසම පැවසුවේ, තැපැල් ඡන්ද සලකුණු කිරීමේ නිශ්චිත දින වකවානු කවදා ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

මේ අතර ව්‍යවසායක දිලිත් ජයවීර සහ නීතිඥ නුවන් බෝපගේ ද අද දිනයේ දී ජනපති සටනට එක් වීම සඳහා අවශ්‍ය ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළා.

සැප්තැම්බර් 21 වැනි දින පැවැත්වීමට නියමිත ව ඇති ජනාධිපතිවරණය සඳහා මේ වනවිට දේශපාලන පක්ෂ සේ ම මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ ලේකම් කාර්‍යාලය, ආරක්ෂක අංශ සහ පරිපාලන සේවය ද යුහුසුළුව සූදානම් වනවා.

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ මෙන් ම පරිපාලන සහාය පිළිබඳ ව සාකච්ඡා කිරීම සඳහා විශේෂ රැස්වීම් පසුගියදා මැතිවරණ කොමිෂන් සභාවේ මූලිකත්වයෙන් පොලිසිය සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

එමෙන්ම තැපැල් ඡන්ද සලකුණු කිරීමේ නිශ්චිත දින වකවානු කවදාද යන්න තීරණය කිරීමට අදාළ සාකච්ඡාව හෙට පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ; හෙට කොමිෂන් සභාව රැස් වී ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය ගැනීමට සූදානම් බවයි.

එළැඹෙන ජනාධිපතිවරණයට අදාළ ව තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීම පසුගිය 09 වැනි දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණා.

ඊට පෙර තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීම අවසන් වීමට දින නියම කර තිබුණේ, අගෝස්තු 05 වැනි දිනයි.

එහෙත් ඒ වනවිට ලැබී තිබූ අයදුම්පත්‍ර සංඛ්‍යාව ප්‍රමාණාත්මක ව අඩුවීම නිසා දින 04කින් එය දීර්ඝ කිරීමටයි මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේ.

මේ අතර මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම හෙට දහවල් 12න් අවසන් කිරීමට නියමිතයි.

මේ වන විට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට පුද්ගලයින් 33ක් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

පිළිගත් දේශපාලන පක්ෂ පක්ෂ 16ක් සහ වෙනත් දේශපාලන පක්ෂ ද ඒ අතර වනවා.

ස්වාධීන අපේක්ෂකයින් ලෙස පුද්ගලයින් 15 දෙනෙකු ද ඉදිරි ජනාධිපතිවරණය සඳහා මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මේ අතර අද දිනයේ සර්වජන බල‍ය සන්ධානය නියෝජනය කරමින් ව්‍යවසායක දිලිත් ජයවීර මහතා වෙනුවෙන් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සිදු කෙරුණා.

ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා.

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අනිද්දා (15) පෙරවරු 9ට ආරම්භ කිරීමට නියමිත අතර පෙරවරු 11 දක්වා එම කටයුතු ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

නාමයෝජනා භාරගැනීමේ දිනයේ දී මැතිවරණ කාර්යාලය ආශ්‍රිත ව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බව පොලීසිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."අනේ බැරිනම් ළදරුවෝ ටික අකුලන් යන්න..
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25