AFC Banner
Empty Ad
Empty Ad

තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් – බෙදාහැරීම හෙට සිට

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර, මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී ඇති බව රජයේ මුද්‍රණාලය පවසනවා.

තැපැල් ඡන්ද පත්‍රිකා 90 බැඟින් ඇතුළත් වෙන්කර ඇති පැකට් හෙට (26) තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එලෙස ලැබෙන ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ද හෙට (26) දිනයේ සිටම බෙදාහැරීම ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර හෙට (26) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මැතිවරණය අවසන් වනතෙක් සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.

එළඹෙන ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සැප්තැම්බර් 04 සිට 06 වනදා දක්වා සිදු කිරීමට නියමිතයි.

මෙම දිනයන්වල දී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රජයේ සේවකයන්ට සැප්තැම්බර් 11 සහ 12 යන දින දෙක අමතර දෙන ලෙස වෙන්කර තිබෙනවා.

මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයින් 712,319 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?