තැපැල් ඡන්දය සලකුණු කරන්න නිල ඡන්ද පත්‍රිකාව අත්‍යවශ්‍ය ම නෑ – මැතිවරණ කොමිසමේ සභාපති

තැපැළ් ඡන්දය භාවිත කිරීමට අවශ්‍ය නිල ඡන්ද පත්‍රිකා (Paul Card) දිවයින පුරා පිහිටි සියලුම ප්‍රාදේශීය හා ප්‍රධාන තැපැල් ස්ථාන වෙතින් සැප්තැම්බර් මස 02 වැනි දා සිට බෙදා හැරීම ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් අද (26) පස්වරුවේ ඒ මහතා මේ බව සඳහන් කළ අතර; සභාපතිවරයා පැවසුවේ සැප්තැම්බර් මස 02 වැනි දින සිට 14 වැනි දින තෙක් අදාළ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මැතිවරණය පැවැත්වීමේ කටයුතු සාර්ථක කරගැනීම වෙනුවෙන් තැපැල් ඡන්ද සඳහා අමතර දිනයක් ලෙස සියලුම තැපැල් ස්ථාන විශේෂ රාජකාරි දිනයක් ලෙස සැප්තැම්බර් මස 08 වැනි ඉරිදා සේවයෙහි නිරත වන බවත්; සැප්තැම්බර් මස 14 වැනිදා වනවිටත් තමන්ට නිල ඡන්ද පත්‍රිකාවක් නොලැබුණහොත්; සැප්තැම්බර් 08 වැනිදා දිනයේ දී ද, සියලුම ඡන්ද පත්‍රිකා නිවෙස් වෙත බෙදා අවසන් කරන බව ද මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියේ; තමන්ට නිල ඡන්ද පත්‍රිකාව නොලැබුණහොත් සිය ප්‍රදේශයේ තැපැල් කාර්‍යාලයට ගොස් එය ලබාගන්නා ලෙසයි.

කෙසේනමුත් සැප්තැම්බර් 04,05 හා 06 යන දින තුනෙහි පැවැත්වෙන තැපැල් ඡන්ද විමසීම් කටයුතු සඳහා මෙම නිල ඡන්ද පත්‍රිකාව අත්‍යවශ්‍ය ම නොවන අතර; එය තමන් හට නොලැබුණ ද, ළඟම ඇති ඡන්ද මධ්‍යස්ථානයට ගොස් එහි තමන්ගේ ඡන්ද හිමි නාමලේඛනයේ නම සඳහන් වන්නේ නම්; ඡන්දය භාවිත කිරීමේ හැකියාවක් පවතින බව ද රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

මෙම නිල ඡන්ද පත්‍රිකා ලබාදීමෙන් ඡන්ද මධ්‍යස්ථානවල මැතිවරණ රාජකාරිවල නිරත වන පිරිසට සිය රාජකාරිය පහසු කරගැනීමට හැකියාවක් ලැබෙන හෙයින් ඒවා නිකුත් කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

එමෙන්ම මැතිවරණ මධ්‍යස්ථාන ආශ්‍රිතව ප්‍රචාරණ කටයුතු සිදු කළ හැකි ආකාරය, නීතිරීති හා උපමාන පිළිබඳ ව සෑම දේශපාලන පක්ෂයක් ම දැනුම්වත් කර ඇති බවත්; පොලිතීන් මෙවර මැතිවරණයේ දී භාවිත නොකරන ලෙසට ද මහජනතාවගෙන් මෙන් ම මැතිවරණ සංවිධායකවරුන්ගෙන් කොමිෂන් සභාව ඉල්ලීමක් සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?