තැපැල් ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 98%ක් – නිල ඡන්ද පත්‍රිකා මිලියන 10ක් බෙදා හැර අවසන්

තැපැල් ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය මෙවර 98%ක් පමණ වන බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා.

අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ; මේ වනවිට ලියාපදිංචි රක්ෂිත පැකට්ටු ලක්ෂ 07කට අධික සංඛ්‍යාවක් තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලැබෙමින් පවතින බවයි.

එමෙන්ම එම රක්ෂිත පැකට්ටුවලින් 85%ක ප්‍රමාණයක් ඒ ඒ ප්‍රදේශවල තේරීම් භාර නිලධාරීන් වෙත ප්‍රාදේශීය තැපැල් ස්ථානාධිපතිවරුන් හරහා ලබාදීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

නිල ඡන්ද පත්‍රිකා සැප්තැම්බර් මස 03 වැනිදා සිට බෙදා හැරීම ආරම්භ කළ අතර; මේ වනවිට ලක්ෂ 35කට වැඩි ප්‍රමාණයක් බෙදා අවසන් කර ඇති බව ද සඳහන්.

එය ප්‍රතිශතාත්මකව සියයට 60ක අගයක් ගන්නා බවයි වාර්තා වන්නේ.

මිලියන 10ක වගේ නිල ඡන්ද පත්‍රිකා ප්‍රමාණයක් ගෙයින් ගෙට ගොස් බෙදා අවසන් කර ඇති අතර ; එය සැප්තැම්බර් මස 14 වැනිදා තෙක් ප්‍රාදේශීය තැපැල් කාර්‍යාල හරහා සිදු කෙරෙන බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසුවේ.

නිල ඡන්ද පත්‍රිකාවක් හිමි නොවීම ඡන්දය භාවිත කිරීමට නුසුදුසුකම් ලෙස නොසැලකෙන බවත්; එය හුදෙක් ව්‍යවස්ථාපිත ලියවිල්ලක් පමණක් බවත්; තම ඡන්ද පත්‍රිකාව නොලැබුණහොත් ප්‍රාදේශීය තැපැල් වසමේ කාර්‍යාලයට ගොස් තැපැල් ස්ථානාධිපති හමු වී එය ලබා ගන්නා ලෙසට ද තැපැල් දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46