තායි කතුන්ගෙන් පිරිමින්ට සැප දුන්නු තැනක් කොල්ලුපිටියෙන් වටලයි

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් විදෙස් කතුන් යොදාගෙන සිදුකරගෙන ගිය ගණිකා ජාවාරමක් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඊයේ (15) වටලා තිබෙනවා.

කොල්ලුපිටිය ප්‍රදේශයේ ස්ථානය මෙම ගණිකා ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම වැටලීමේ දී ගණිකා නිවස කළමණාකරනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් සහ ගණිකා සේවය සැපයීමට සිටි තායිලන්ත ජාතික කාන්තාවන් හයදෙනෙක් අත්අඩංගුවට ගැනීමයි කටයුතු කර ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු කළමණාකරු වයස අවුරුදු 40ක වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

තායිලන්ත ජාතික කතුන් හයදෙනා වයස අවුරුදු 29ත් 36ත් අතර වයස්වල පසුවන්නියන් බවයි පොලිසිය සඳහන් කළේ.

කොල්ලුපිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
4
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?