AFC Banner
AFC Banner
Empty Ad

තායිවානය ලෝකයෙන් කළ ඉල්ලීම

තායිවාන සමුද්‍ර සන්ධියේ ආක්‍රමණිකයන් වැළැක්වීම සහ සාමය පවත්වා ගැනීම සඳහා එක්සත් ජනපද කොංග්‍රස් සහයෝගයේ තීරණාත්මක කාර්යභාරය එක්සත් ජනපදයේ තායිවානයේ නියෝජිත ඇලෙක්සැන්ඩර් ටා-රේ යූයි අවධාරණය කර ඇතැයි තායිවාන මාධ්‍ය වාර්තා කරනවා.

“චීනයේ ක්‍රියා තායිවානයෙන් නතර නොවේ..” අනෙකුත් ජාතීන් ද චීනයෙන් මිලිටරි හා ආර්ථික පීඩනයකට මුහුණ දෙන බව යූයි අවධාරණය කළා.

‘ප්‍රජාතන්ත්‍රවාදී හවුල්කරුවන් එකට නැගී සිටීමේ’ සහ ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්, නීති මත පදනම් වූ ජාත්‍යන්තර පිළිවෙළ වෙනස් කිරීමට චීනය උත්සාහ කරන බවට ඔහු අනතුරු ඇඟවූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

බදාදා වොෂින්ටන්, ඩීසී හි ට්වින් ඕක්ස් වතුයායේ තායිවාන ජාතික දින සැමරුමකදී තායිවානය-එක්සත් ජනපද හවුල්කාරිත්වය පදනම් වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය වැනි ‘හවුල් අවශ්‍යතා සහ වටිනාකම්’ මත බව ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?