AFC Banner
AFC Banner
Empty Ad

තායිවානය මහා පරිමාණ යුද අභ්‍යාසයකට සැරසෙයි

තායිවානයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඔක්තෝබර් අග සිට නොවැම්බර් මුල දක්වා ප්‍රධාන ඒකාබද්ධ අභ්‍යාස තුනක් ප්‍රකාශයට පත් කර ඇතැයි Taiwan News වාර්තා කරනවා.

චීනයේ දැනට ක්‍රියාත්මක වන හමුදා ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාර වශයෙන් දිවයිනේ ආරක්ෂක හැකියාවන් ශක්තිමත් කිරීම මෙහි අරමුණයි.

මෙම අභ්‍යාස තායිවානයේ මිලිටරි සූදානම වැඩි දියුණු කිරීමට සහ චීනයෙන් එල්ල විය හැකි ආරක්ෂක තර්ජනවලට මුහුණ දීමට දරන උත්සාහයේ කොටසක් ලෙස හඳුන්වා දී තිබෙනවා.

සැබෑ අවස්ථා අනුකරණය කිරීමට සහ සටන් සූදානම තක්සේරු කිරීමට රාත්‍රී මෙහෙයුම් ඇතුළුව දිනපතා පැය 24 පුරා ක්‍රියාත්මක වන ආකාරයට අභ්‍යාසයට සැලසුම් කර ඇතැයි සඳහන්.

නාවික අභ්‍යාසය චීන ආක්‍රමණයකදී නැව් විරෝධී මෙහෙයුම් කෙරෙහි අවධානය යොමු කරමින් ආරක්ෂක සහ ප්‍රහාරාත්මක අවස්ථා අනුකරණය කරනු ඇති.

ගුවන් හමුදාවේ අභ්‍යාසයට ගුවනින් ගුවනට, ගුවනින් මුහුදට සහ ගුවනින් ගොඩබිමට සටන් අභ්‍යාස ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?