තායිවානයේ ප්‍රබල භූ කම්පනයක්

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපකයේ ඒකක 6.2ක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බවය.

කෙසේවෙතත් භූ කම්පනයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.

2018 වසරේදී එරට රික්ටර් මාපකයේ ඒකක 6.4 ප්‍රබලත්වයෙන් යුතුව හටගත් භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තවත් 300 කට ආසන්න පිරිසක් තුවාල ලැබීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?