තායිවානයට දැවැන්ත මිලිටරි පැකේජයක්

එක්සත් ජනපදය තායිවානයට ඩොලර් බිලියන 11.1 ක අවි ගනුදෙනුවක් අනුමත කර තිබෙනවා.

එය තායිවානයට මෙතෙක් ලබා දුන් විශාලතම එක්සත් ජනපද අවි පැකේජයයි.

මෙම අලෙවිය අනුමත වන්නේ තායිවානය සම්බන්ධයෙන් වර්ධනය වන චීනයේ මිලිටරි සහ දේශපාලනික පීඩනය මධ්‍යයේ වීමත් විශේෂත්වයක්.

විකිණීමට යෝජිත අවි අතර දැනට රුසියාවට එරෙහිව යුක්රේනය ප්‍රබල ලෙස භාවිත කරන හයිමර්ස් රොකට් පද්ධති, ඇතුළු අයිතම අටක් ඇතුළත්.

අවි ගනුදෙනුව පිළිබඳ නිවේදනය කරමින් පෙන්ටගනය පැවසුවේ, ආයුධ අලෙවිය තායිවානයේ සන්නද්ධ හමුදා නවීකරණය කිරීමට සහ “විශ්වසනීය ආරක්ෂක හැකියාවක්” පවත්වා ගැනීමට දරන අඛණ්ඩ උත්සාහයන්ට සහාය දීමක් බවයි.

තායිවානයට කරන සියලුම ඇමරිකානු අවි අලෙවිය සම්බන්ධයෙන්, කෝපය පළ කරමින්, එය “තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වය දැඩි ලෙස අඩපණ කරන” බව පවසන චීන විදේශ අමාත්‍යංශය එවැනි ගනුදෙනු අවසන් කරන ලෙස ඉල්ලා සිටියා.

චීනය මැඩපැවැත්වීම සඳහා තායිවානය භාවිතා කිරීම නියත වශයෙන්ම අසාර්ථක වන බව විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා බීජිං හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අනතුරු ඇඟවූවා.

චීනය තායිවානය තමන්ගේම භූමියක් ලෙස සලකන අතර, තායිපේ එම ස්ථාවරය ප්‍රතික්ෂේප කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?