තායිලන්ත අගමැති දිවයිනට (ඡායාරූප)

දෙදින නිල සංචාරයක් සඳහා තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රේත්තා තාවිසින් දිවයිනට පැමිණ තිබෙනවා.

ඔහු අද (03) දහවල් කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

අග්‍රාමාත්‍යවරයා සමඟ දූත පිරිස ලෙස එරට උසස් නිලධාරීන් 33 දෙනෙකු ද දිවයිනට පැමිණ තිබෙනවා.

තායිලන්ත රාජකීය ගුවන් හමුදාවට අයත් ආර්.ටී.ඒ.එෆ්.- 244 දරණ විශේෂ ගුවන් යානයෙන් ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

තායි අග්‍රාමාත්‍යවරයා සහ ධූත පිරිස පිළිගැනීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි වාර්තා වුණේ.

තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සිය ගුවන් යානයෙන් බැස, කටුනායක ගුවන් තොටුපොළ රන් සමරු පොතේ සටහනක් තැබීමට ද කටයුතු කළා.

ඔහු අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් මෙරට 76 වන ජාතික නිදහස් දින උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමෙන් අනතුරුව හෙට (04) දිනයේදීම ඔවුන් පැමිණි යානයෙන්ම යළි බැංකොක් නුවර බලා පිටත්ව යාමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21