තාමත් කෙල්ල වගේ ඉන්න ජනප්‍රිය නිලි ගයාත්‍රි ආතතියෙන් මිදෙන්න පුලුවන් බෙහෙතක් හෙළිකරයි

ගයත්‍රි මොනවාද මේ දවස්වල අලුත් තොරතුරු? 

මේ දවස්වල කොළඹින් පිට අලුත් වැඩ කිහිපයක් කරනවා. ඊට අමතරව මම වැඩි කාලයක් යොදවලා තියෙන්නේ මගේ රෑපලාවන්‍යාගාරයේ වැඩවලට. ඒ වගේම අවුරුද්දෙන් පස්සේ අලුත් ටෙලිනාට්‍ය දෙකකට රඟපාන්න ආරාධනා ලැබිලා තිබෙනවා. ඔය දේවල් තමයි මේ දවස්වල විස්තර.

ගයත්‍රි ඔබ Travel කියන දෙයට ආස කරන කෙනෙක්ද? 

ඔව්. මම ගොඩක් ආස කරන දෙයක් තමයි Traveling කියන්නේ. මම ගොඩාක් රටවල්වල සංචාරය කරලත් තියෙනවා. හැබැයි මේ දවස්වල නම් වැඩිය කොහෙවත් යන්න බැරිවුණා. රටේ පවතින කොවිඩ් වසංගතයත් එක්ක. මේ ප්‍රශ්න ඉවර වුණ ගමන් කොහේ හරි යන්න ආසාවෙන් ඉන්නේ.

ඔබ Travel කරපු ඔබේ හිතට දැනිච්ච තැන් එහෙම ඇති නේද? 

එක තැනක් කියලා කියන්න අමාරැයි. මොකද මම ගොඩක් රටවල්වලට වගේම ලංකාවේත් බොහෝ තැන්වලට ගිහිල්ලා තියෙනවා. හැබැයි මගේ හිතට ගොඩාක් දැනිච්ච එක රටක් තියෙනවා. ඒ තමයි ඉතාලිය.

ඇයි ඔබ ඉතාලියට එච්චර ආස කරන්නේ? 

මම ඉස්සරෝම ඉතාලියට ගියේ 2004 වසරේ. ඒ ගිය වෙලාවේ පීසාහි ඇලවෙන කුලුණ, වැනීසිය වගේ ඒ රටේ තිබෙන හැම තැනකටම ගියා. නැවත මම මේ මෑතකදී 2018 වගේ නැවත වතාවක් ඉතාලියට ගියා. ඒ ගිය වෙලාවෙත් එහි තිබෙන හැමතැනක්ම බලන්න ගියා. ඒ රටේ තිබෙන ගොඩනැගිලි පවා හදලා තියෙන්නේ ඒ රටට ආවේණික විදිහට. ඒ වගේම හරිම පිරිසිදු සහ ලස්සන රටක් නිසා තමයි මම ඉතාලියට ආසා කරන්නේ.

ඔබ ඒ ඉතාලි ගිය ගමනේදී සිදුවුණු අමතක නොවන සිදුවීම් ඇති නේද? 

අමතක නොවන සිදුවීම් ගොඩක් තිබෙනවා. ඒ අතරින් එකක් ගැන කිව්වොත් ඉතාලියේ තියෙන ප්‍රසිද්ධම තැනක් තමයි දූම පල්ලිය කියන්නේ. එතැනට ගියපුවාම අපේ ලංකාවේ කට්ටිය ඕනේ තරම් ඉන්නවා. ඒ වෙලාවේ මට හිතුණේ මම ලංකාවේම ඉන්නවා වගේ හැඟීමක්. මට දැනුණේ නෑ මම ඉන්නේ ඉතාලියේ කියලා.

ඒ තරමට ලංකාවේ මිනිස්සු එහේ ඉන්නවා. ඒ විතරක් නෙවෙයි අපිට ලංකාවේ කෑම පවා ලේසියෙන්ම හොයාගන්න පුළුවන් වුණා. ඔය සිද්ධිය තමයි මට අමතක නොවන ලොකුම සිදුවීම. තව බලන්න ගිය තැන්වලින් හොඳම තැනක් තමයි වැනීසිය. ඒක වතුර මැද්දේ තියෙන නගරයක්. පුදුම ලස්සනක් තියෙන්නේ. ඒ තැන්නම් කවදාවත් මට අමතක වෙන්නේ නැහැ.

පිටරට වගේම ලංකාව තුළත් ඔබ ආසකරන තැන් ඇති. ඒ තැන් ගැනත් කියමුකෝ? 

ලංකාව ඇතුළත මගේ මතකයට මුලින්ම එන්නේ අනුරාධපුර නගරයයි. අනුරාධපුරයට ගියාම ශ්‍රී මහා බෝධිය වගේ පූජනීය ස්ථාන හැම තැනකටම මම යනවා. ඊට අමතරව මම නිතරම යන තැනක් තමයි කතරගම කියන්නේ. ඔය වගේ තැන් කිහිපයක්ම තියෙනවා. බෙලිහුල්ඔය පැත්ත, මාතලේ රිවර්ස්ටන් පැත්ත වගේ බොහෝ තැන් තියෙනවා. ඒ තැන් ස්වභාවයෙන්ම හැදුණු තැන්. වැනීසිය වුණත් ඒ රටේ මිනිසුන් ඒ ඒ කාලවලදී හදපු ඒවා. ඒත් ලංකාවේ තියෙන බොහෝ තැන් ස්වභාව ධර්මයෙන් අපිට ලැබුණු ලස්සන තැන්. ඒ නිසා මම ලංකාවේ ආසකරන තැන් ගොඩක් තියෙනවා.

ඉතාලි වගේ ගමනක් යෑමට පෙර ඔබ ඒ ගමන සැලසුම් කරන්නේ කොහොමද? 

එහෙම ලොකුවට සැලසුම් කරන්නේ නෑ. හුඟක් වෙලාවට නිවාඩු කාලයක් වගේ බලලා තමයි අපි යන්නේ. හැබැයි ඉතාලි නම් ගියේ වෙනත් වුවමනාවන් කිහිපයක් නිසා. ඒ ගිය වෙලාවේ තමයි ඒ රටේ ඇවිදින්න කාලය වෙන්කර ගත්තේ. ඊට අමතරව මම ගිය වෙනත් රටවලට නම් ගියේ ඇවිදින්න වගේම Shopping කරන්නත් හිතාගෙනයි. හැබැයි ඕස්ට්‍රේලියාව, ඉතාලිය වගේ රටවල්වලට යන්නේ නම් වෙනත් වුවමනා සඳහා තමයි. මොකද මගේ නංගි හිටියේ ඕස්ට්‍රේලියාවේ. අපි අවුරැද්දට එක පාරක් අනිවාර්යයෙන් එහේ යනවා. හැබැයි දැන්නම් එයා ඉන්නේ කැනඩාවේ. දැන් ඒ නිසා අපි අවුරුද්දට පාරක් කැනඩා යනවා. හැබැයි අපි ඒ ගමන් ලොකුවට සැලසුම් කරන්නේ නෑ.

ගයත්‍රි ඔබ අනාගතයේදී යනවාමයි කියලා හීන දකින තැනක් තියෙනවාද? 

තව නම් මට එහෙම යන්න ආසා රටක් නෑ. ඒ කාලේ මට ලොකු ආසාවක් තිබුණා ස්විට්සර්ලන්තයට යන්න. මොකද එහේ සීතල රටක් නිසා. කොහොම හරි මම එහෙත් ගියා. නමුත් ලංකාවේ ඇතුළත එක තැනක් තියෙනවා මම ගිහිල්ලා නැති.

Screenshot 2021 04 25 21 mv web gayathri 2021 4 25 1 jpg JPEG Image 1410 × 1762 pixels — Scaled 35

කියමුකෝ ඒ කොහෙද කියලා? 

ලෝකයේ කොච්චර රටවල්වල ගිහිල්ලා තිබුණත් මම ලංකාවේ නොගියපු තැනක් තමයි යාපනය කියන්නේ. කොහොම හරි කාලය හදාගෙන යාපනයේ යන්න තමයි ආසාවෙන් ඉන්නේ.

අවසාන වශයෙන්…. ගයත්‍රි Travel කරනවා කියන දේ ඔබ දකින්නේ කොහොමද? 

Travel කියන දේ ඇත්තටම ඕනෑම කෙනෙකුගේ ජීවිතේ ප්‍රශ්න නැති කරන්න පුළුවන් දෙයක් වගේම මනසට ලොකු සහනයක් ලැබෙන දෙයක්. ඒ වගේම ආතතියෙන් සිටින කෙනෙකුට වුණත් ආතතියෙන් මිදෙන්න හොඳ අවස්ථාවක් කියලයි මම දකින්නේ.

Screenshot 2021 04 25 21 mv web gayathri 2021 4 25 4 jpg JPEG Image 1440 × 1800 pixels — Scaled 34

චන්න කස්සප කෝරලේආරච්චි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27