තාත්තාගේ කඩු පහරින් බිළිඳිය මරුට

ත‍්‍රිකුණාමලය, කප්පල්තුරේ ප‍්‍රදේශයේදී පියකුගේ කඩු පහරින් මාස 5ක් වයසැති බිළිඳියක මරණයට පත්ව ඇතැයි පුවත්පත් වාර්තා කර තිබෙනවා.

මෙම ඝාතනය පෙරේදා (19) රාත‍්‍රී සිදුව ඇති අතර එම අපරාධය වැළැක්වීමට මැදිහත්වූ බිළිඳියගේ මිත්තනියට හා සීයාටද සැකකරු විසින් කඩුවෙන් කොටා තිබෙනවා.

ඔවුන්ද බරපතළ කැපුම් තුවාල ලබා ත‍්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති බව එම වාර්තාවල සඳහන්.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ ත‍්‍රිකුණාමලය, කප්පල්තුරේ පදිංචිව සිටි පස් මස් බිළිඳියකි.

ඝාතනයෙන් පසු 23 හැවිරිදි පියා පලාගොස් ඇති අතර සැකකාර පුද්ගලයා මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහිවූ අයකු බවද හෙලිවී තිබෙනවා.

15 හැවිරිදි බිරිය සිය දරුවාට කිරිදෙමින් සිටින අවස්ථාවේ සැකකරු පැමිණ ඇය සමග ආරවුලක් ඇතිකරගෙන ඇති අතර පසුව සැකකරු කඩුවක් රැගෙන විත් මාමණ්ඩියට කෙටීමට උත්සාහ කිරීමේදී වඩාගෙන සිටි බිළිඳියගේ හිසට කඩුපහර එල්ලවී ඇති බව සඳහන්.

එම කඩු පහරින් මාමණ්ඩියගේ අතේ ඇගිලි 3ක් වෙන්වී ඇති අතර එය බේරීමට මැදිහත්වූ වූ නැන්දනියට ද සැකකරු කඩුවෙන් කෙටීම නිසා ඇගේ එක් අතක් වෙන් වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22