spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තාත්තාගේ කඩු පහරින් බිළිඳිය මරුට

ත‍්‍රිකුණාමලය, කප්පල්තුරේ ප‍්‍රදේශයේදී පියකුගේ කඩු පහරින් මාස 5ක් වයසැති බිළිඳියක මරණයට පත්ව ඇතැයි පුවත්පත් වාර්තා කර තිබෙනවා.

මෙම ඝාතනය පෙරේදා (19) රාත‍්‍රී සිදුව ඇති අතර එම අපරාධය වැළැක්වීමට මැදිහත්වූ බිළිඳියගේ මිත්තනියට හා සීයාටද සැකකරු විසින් කඩුවෙන් කොටා තිබෙනවා.

ඔවුන්ද බරපතළ කැපුම් තුවාල ලබා ත‍්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති බව එම වාර්තාවල සඳහන්.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ ත‍්‍රිකුණාමලය, කප්පල්තුරේ පදිංචිව සිටි පස් මස් බිළිඳියකි.

ඝාතනයෙන් පසු 23 හැවිරිදි පියා පලාගොස් ඇති අතර සැකකාර පුද්ගලයා මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහිවූ අයකු බවද හෙලිවී තිබෙනවා.

15 හැවිරිදි බිරිය සිය දරුවාට කිරිදෙමින් සිටින අවස්ථාවේ සැකකරු පැමිණ ඇය සමග ආරවුලක් ඇතිකරගෙන ඇති අතර පසුව සැකකරු කඩුවක් රැගෙන විත් මාමණ්ඩියට කෙටීමට උත්සාහ කිරීමේදී වඩාගෙන සිටි බිළිඳියගේ හිසට කඩුපහර එල්ලවී ඇති බව සඳහන්.

එම කඩු පහරින් මාමණ්ඩියගේ අතේ ඇගිලි 3ක් වෙන්වී ඇති අතර එය බේරීමට මැදිහත්වූ වූ නැන්දනියට ද සැකකරු කඩුවෙන් කෙටීම නිසා ඇගේ එක් අතක් වෙන් වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?