AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදි දෙකක් ගැටෙයි – එක් අයෙකුට බරපළයි

අද (08) සවස වැලිපැන්න පොලිස් වසමේ මතුගම, අලුත්ගම මාර්ගයේ හතර කණුව ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් සහ ත්‍රීවිල් රථයක් ගැටීමෙන් හතර දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව වැලිපැන්න පොලිසිය ප්‍රකාශ කරනවා.

මතුගම, අලුත්ගම මාර්ගයේ දී ඉදිරියෙන් පැමිණි යතුරුපැදියට වේගය පාලනය කර ගැනීමට නොහැකිව ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක සහ ත්‍රීරෝද රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

එසේ ත්‍රීරෝද රථය සහ යතුරුපැදිය ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා සහ ඉදිරියෙන් පැමිණි යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා තුවාල ලබා තිබුණා.

වේගය පාලනය කරගත නොහැකිව යතුරුපැදියේ පැමිණි පුද්ගලයින් දෙදෙනා කළුතර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර, එයින් එක් අයෙකු බරපතල තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?