තහනම නොතකා සිවාජිලිංගම් මුල්ලිවයික්කාල්හි පහන් දල්වයි

කොරෝනා අවධානම හේතුවෙන් මුලතිව් මුල්ලිවයික්කාල්හි යුද සැමරුම් සිදු නොකරන ලෙසට දැනුම්දී තිබියදී එය නොසලකා හරිමින් දෙමළ ජාතික සන්ධානයේ  හිටපු පලාත් සභා මනන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා විසින් ඊයේ (17) සවස මුල්ලිවයික්කාල්හි පහන් දල්වා මිය ගිය අය සිහිපත් කොට ඇත.

මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මාරකය ඉදිරිපිටදී සිවාජිලිංගම් ඇතුලු පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් විසින් මෙලෙස යුද්දයෙන් මිය ගිය අය සිහිපත් කරමින් පහන්දැල්වීම සිදු කල අතර මීට පෙර දිනයකදී යුද සැමරුම් ස්මාරකයේ කඩාදැමූනු කැබලි යලි තාවකාලිකව සවිකිරීමටද සිවාජිලංගම් හිටපු මන්ත්‍රීවරයා පියවර ගනු ලැබීය.

එහිදී පහන් දැල්වීමෙන් පසුව සිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා පවසා සිටියේ, තමන් නිරෝධායන නීතියට අනුව යුද්දයෙන් මිය ගිය ජනතාවගේ ජනසංහාර සතිය සිහිපත් කල අතරම ලක්ෂයකට අධික යුද්දයෙන් මිය ගිය ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් වහාම සිදුකල යුතු බවට මෙම පහන් දල්වන අවස්ථාවේදී මෙරට රජයට මෙන්ම ජාත්‍යන්තරයට දැනුම් දෙන බවටද පවසා සිටියේය.

මේ අතර මුලතිව් දිස්ත්‍රීක්කයේ මුල්ලිවයික්කල් සැමරුම් සිදුකිරීමට සූදානමින් සිටි පුද්ගලයින් 32 දෙනෙකුට එරෙහිව අධිකරණ තහනම් නියෝගයන්ද මුලතිව්හි පොලිස් ස්ථාන විසින් ලබා ගෙන ඇති අතර අදාල තහනම් නියෝගයන් කඩ කරනපුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටද ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09