AFC Banner
Empty Ad

තවත් 1,133 දෙනෙක් පැය 24ක් තුළ යුක්තියේ දැලේ පැටලෙයි (වීඩියෝ)

ඊයේ (05) අලුයම 12.30 සිට අද (06) අලුයම 12.30 දක්වා පැය 24ක කාලය තුළ සිදුකරන ලද යුක්තිය විශේෂ මෙහෙයුමේ දී හෙරොයින් ග්‍රෑම් 405 මිලිග්‍රෑම් 34ක්, අයිස් කිලෝ 01යි ග්‍රෑම් 70ක්, ගංජා කිලෝ 04යි ග්‍රෑම් 742ක්, ගංජා පැල 27868ක්, මවා කිලෝ 01යි ග්‍රෑම් 274ක් සහ මත්පෙති 1,946ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ සමඟ සැකකරුවන් 1,133 දෙනෙක් ද අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන් සැකකරුවන් 54ක් සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 38 දෙනෙක් පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 86 දෙනෙකු ද සිටින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?