තවත් පාසල් දැරියකගේ සිරුරක් පාළු ලිදක තිබී සොයා ගනී

වව්නියාව – නෙලුක්කුලම – ගනේෂපුරම් – මරක්කාරම්පලෙයි ප්‍රදේශයේ පදිංචි ලබන වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත 16 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් පසුගියදා හමුවූණා. ඒ වව්නියාව – ගනේෂපුරම් – මරක්කාරම්පලෙයි ප්‍රදේශයේ පාළු ලිඳක තිබී.

මේ සම්බන්ධයෙන් පොලිස් නිල සුනඛයන් යොදා ගනිමින් සිදු කල විමර්ශන වලදී සාක්ෂි කිහිපයක් අනාවරණය වී තිබෙනවා. අදාළ දැරියගේ පාවහන් යුගලය සහ පොත් බෑගය ඇයගේ සිරුර ගොඩගත් ලිඳ ආසන්නයේ පිහිටි ගසක් යට තිබී හමු වී තිබෙන අතර මෙම දැරිය එම ගස යට මද වේලාවක් හිඳගෙන සිටින්නට ඇති බවටයි සැක පළ කරන්නේ.පොලීසිය සැක පල කරන්නේ මෙම දැරිය ලිඳට පැන සියදිවි හානි කර ගන්නට ඇති බවයි.

පෙරේදා රාත්‍රියේදී මෙම දැරියගේ සිරුර ඇය ජීවත් වූ නිවස ඉදිරිපිට පිහිටි පාළු ඉඩමක ලිඳක තිබියදී සොයා ගැණුනා. පරික්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?