තවත් තෙල් ජාවාරමක්

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ත්‍රිරෝද රථ රියැදුරන් මෙලෙස ඉන්ධන අලෙවි කර විශාල ආදායමක් උපයා ගන්නා බව දැනගන්නට ලැබී තිබේ.

පසුගිය සතිය තුල දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පෙට්‍රල් බෝතලයක් අලෙවි කෙරුණේ රුපියල් 800ක් වැනි මිලකට වන අතර,පෙට්‍රල් මිල ඉහළ යෑමත් සමඟ එය රුපියල් 1200 ක් දක්වා ඉහල දමා ඇත.

හොර රහසේ පෙට්‍රල් අලෙවි කරන ස්ථාන පොලිසිය විසින් වැටලූවත් ,ඔවුන් යළි යළිත් එම ජාවාරමේම නිරත වන බව පැවසේ.

එමෙන්ම,පිරවුම්හල් වල ටෝකන් පත් නිකුත් කිරීමේදී ඉන් වැඩි ප්‍රමාණයක් ලබා ගන්නේද මෙලෙස වැඩි මිලට ඉන්ධන අලෙවි කරන පුද්ගලයන් බව සඳහන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?