තව තවත් මෙරටට ජපන් රජයේ සහාය

ශ්‍රී ලංකා සහ ජපානයේ වෘත්තීය අධ්‍යාපන සහයෝගීතාව වඩාත් පුළුල් හා සවිමත් කරගැනීමට අදාළව අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග ජපාන රාජ්‍ය අමාත්‍ය ෆුජිමරු සතෝෂි හා හිටපු ජපාන රාජ්‍ය අමාත්‍ය කෝසෝ යමමොටෝ යන මහත්වරුන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

අද (31) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති එම සාකච්ඡාවට මෙරට ජපාන තානාපති මිෂු කොෂි හිදේකි මහතා ද එක්ව සිටියා.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ ප්‍රශස්ත මට්ටමේ වෘත්තීය පුහුණු අවස්ථා සහිත ජපන් අධ්‍යාපන ක්‍රමවේද මෙරට අධ්‍යාපන ක්‍රියාවලියට අනුරූපව අදාළ කරගැනීම පිළිබඳ උනන්දුව හා අවධානය යොමු කරන බවයි.

ඒ සඳහා ජපාන රජයේ සහයෝගය අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා එහිදී පැවසුවා.

ජපන් ටෙක් ආයතනය හරහා මෙරට තරුණ ශ්‍රමිකයන්ට වෘත්තීය පුහුණු අවස්ථා ලබා දීමටත් ජපන් භාෂාව උගන්වන ගුරුවරුන් විධිමත් ලෙස පුහුණු කිරීමට අවශ්‍ය සහාය ලබාදීමටත් මෙහි දී ජපන් රාජ්‍ය අමාත්‍යවරුන් එකඟතාව පළ කර තිබෙනවා.

එමෙන්ම මෙරට සිසුන්ට හා ශ්‍රමිකයන්ට එරට අධ්‍යාපන අවස්ථා හා රැකියා අවස්ථා වැඩි වශයෙන් උදා කරගැනීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34