චීනයේ වැඩ නිසා පැසිෆික් කලාපයේ ආරක්ෂාව දැඩි අවදානමක

බටහිර පැසිෆික් කලාපය තුළ සෘජු යුද ගැටුමකින් තොරව, කුඩා පියවර හරහා භූමි පාලනය තහවුරු කරගැනීමේ ‘සලාමි ස්ලයිසින්’ (Salami-Slicing) උපායමාර්ගය චීනය විසින් ඉතා සූක්ෂ්ම ලෙස ව්‍යාප්ත කරමින් සිටින බව CNN පුවත් සේවය අනාවරණය කරනවා.

පසුගිය දින කිහිපය තුළ චීන සිවිල් නීති බලාත්මක කිරීමේ නැව් පිලිපීනය සහ තායිවානය අතර පිහිටි උපායමාර්ගික බෂි සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින්, තායිවානයට නැගෙනහිරින් පිහිටි සංවේදී මුහුදු කලාපයන්හි සිතියම්ගත කිරීම් සහ මුරසංචාර කටයුතු සිදුකර තිබෙනවා.

ආරක්ෂක විශ්ලේෂකයන් මෙම සුවිශේෂී නාවික මෙහෙයුම හඳුන්වන්නේ “බෂි බිඳදැමීම” ලෙසයි. චීනය සිය ඉතිහාසයේ පළමු වතාවට ‘පළමු දූපත් දාමය’ ලෙස හැඳින්වෙන ඇමරිකානු ආරක්ෂක සීමාවන් පසුකර නිල ස්වෛරීභාවය ප්‍රකාශ කිරීමට මෙලෙස උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙමඟින් චීනය ජාත්‍යන්තර සාගර නීති නොතකා කලාපය තුළ “නව දේශසීමා යථාර්ථයන්” නිර්මාණය කරමින් සිටින බව ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පෙන්වා දෙනවා.

චීන රජයේ මාධ්‍ය මෙම පියවර දේශපාලන සහ නීතිමය සංඥාවක් ලෙස හඳුන්වද්දී, මෙම ක්‍රියාවලිය මිලියන 23ක ජනගහනයක් වෙසෙන තායිවානයේ ස්වෛරීභාවයට සහ ආරක්ෂාවට සෘජු මෙන්ම බරපතළ තර්ජනයක් එල්ල කරන බව බටහිර ආරක්ෂක අංශ අනතුරු අඟවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25