AFC Banner
AFC Banner
Empty Ad

තවත් කොරෝනා ප්‍රභේදයක් රට තුල පැතිරෙන්නේ දැයි පරීක්ෂණයක්

දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ලබා ගත් ජෛව සාමිපල 96 ක් උපයෝගි කරගනිමින් කොවිඩ් නව ප්‍රභේදය පිළිබඳ පරික්ෂණ ක්‍රියාත්මක බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසිමකදි ඔහු කියා සිටියේ ඉදිරි සති දෙක තුන තුළ අදාළ වාර්තාව සෞඛය අමාත්‍යංශයට ලබා දෙන බවයි.

එමෙන්ම චීනයේ නිෂ්පාදිත කොවිලෝ හෙවත් සයිනෝෆාම් එන්නතේ ප්‍රතිශක්තිකරණය පිලිබඳ පරික්ෂණ වාර්තාව ද  දින 10 ක් තුළ රජයට භාර දිමට සුදානම් බව අචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළා.

එසේම, රෝහල්වල සායන සඳහා සහභාගි වන රෝගීන්ගේ ඖෂධ නිවසට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා දුරකථන අංක දෙකක් හඳුන්වාදී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ 0720 720720 සහ 0720 606060 යන දුරකථන අමතා තැපැල් මගින් සිය ඖෂධ නිවසට ගෙන්වා ගත හැකි බවයි.

එසේම, රජයේ රෝහල් වල සායන වල ලියාපදිංචි රෝගීන් මෙම වැඩපිළිවෙල සඳහා තම ස්ථිර ලිපිනය ලබාදිය යුතුයි. එමෙන්ම, සායන සඳහා ලියාපදිංචි වී ඇති ලිපිනය ස්ථිර ලිපිනය නොවේ නම් ඒ පිළිබඳව රෝහල දැනුවත් කර තොරතුරු යාවත්කාලීන කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ.   

එමෙන්ම සෞඛ්‍ය සේවකයින් පිරිසක් සත්‍යග්‍රහයක නියැලෙන කොළඹ ජාතික රෝහල ඉදිරිපිට ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් ඊයේ රාත්‍රියේදී එහි අට්ටාලය ගලවා ඉවත් කර තිබෙනවා.

ඇදහැලු‍ණු අධික වර්ෂාව මධ්‍යයේ වූවද සත්‍යග්‍රහයේ නියැලෙන සෞඛ්‍ය සේවකයින් අධිකරණ නියෝගයක් මත එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලීසිය උත්සාහ දැරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. මේ අතර, කොරෝනා ආසාදිතයින් 1884 දෙනෙකු අද සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. සුවය ලැබූ මුළු සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 164,281ක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?