AFC Banner
AFC Banner
Empty Ad

තවත් කාලයක් වත්මන් ජනපතිට රට භාරදිය යුතුයි

ආර්ථික වශයෙන් වැටී තිබූ රට නැවතත් සංවර්ධනය කරා ගෙන යමින් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවත් වසර කිහිපයක් රටේ නායකත්වය භාර දීම වඩාත් ඵලදායක වනු ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම පවසනවා.

මහනුවරදී අද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ වසරේ පළමු මාස කිහිපය අවසන් වූ පසු ජනතාවට බලපෑම් එල්ල කර ඇති ආර්ථික පීඩනය අවසන් වනු ඇති බවයි.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

වෙන අය මත ප්‍රකාශ කළත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා තවමත් සෘජු ප්‍රකාශයක් කරලා නෑ එතුමා ජනාධිපතිවරණයට එනවා කියලා. එතුමා ඒ ප්‍රකාශය කළ පසුව එතුමාට සහය දෙනවාද නැද්ද කියලා අපි තීරණය කරනවා. අද මේ රටේ පාර්ලිමේන්තුවේ අය කැමරාවලට පේන්න කෑ ගහනවා මිසක කිසි කෙනෙකුගේ රට ගොඩ ගැනීමේ වැඩසටහනක් තියෙනවද. එහෙම තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා අපි කියනවා. චමින්ද විජේසිරි පාර්ලිමේන්තුවේ ඉන්න බෑ කියලා අස් උනාට අපි හරියටම දන්නේ නෑ එයාට මොකද වුනේ කියලා. අපි හිතන විදියට මේ යන විදියටම තව ටික කාලයක් රනිල් වික්‍රමසිංහ මහතාටම මේ විදියට රට කරගෙන යන්න ඉඩ දුන්නොත් රට ගොඩ යයි කියන විශ්වාසය අපිට තියෙනවා. දැන් අපේ රට නැගිටිමින් පවතිනවා. හැමදේටම කෑගහන්නේ නැතුව හොඳ දේට සහය දෙන්න කියලා අපි ඉල්ලනවා. අපේ ජනාධිපති අපේක්ෂකයා අකුරු තුනේ කෙනෙක් කියලා විවිධ අය මත ප්‍රකාශ කළා. දැන් ඉතින් ජනාධිපති අපේක්ෂකයෝ වැඩි දෙනෙක් අකුරු තුනේ අය නිසා අකුරු තුනේ අපේක්ෂකයා කවුද කියලා ළගදිම දැනගන්න පුළුවන් වේවි. ඒ සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්පාරේ පාර පුරා දුවන අලි...#1million #elephant #viralvideo
01:10
Video thumbnail
වජිර කාලෙකට පස්සේ සුපිරි කතාවක් කරයි
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:46
Video thumbnail
එහෙනම් කෙල්ලනේ ගේම ගහලා වරෙව් #dasathamidnewstoday #dasathanews #live
00:56
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
07:58
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
41:41
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02

?