Empty Ad
AFC Banner
Empty Ad

තල්දූවේ වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරුවන් දෙදෙනාම අල්ලයි

පසුගිය මැයි 26 වනදා අවිස්සාවේල්ල, තල්දූව මංසන්ධියේ දී පුද්ගලයෙකුට වෙඩි තබා පලායාමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරුවන් අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදිය, ඔවුන් දෙදෙනා පැළඳ සිටි හිස් වැසුම් දෙක සහ කඩුවක් ද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු අද (05) දිනයේ දී අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

අනිත් සැකකරුවාගෙන් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් පරිදි තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කෙරෙනවා.

මෙම සිද්ධියට අදාළ අනිත් සැකකරුවන් ද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.

අදාළ වෙඩි තැබීමෙන් තල්දූව ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
88 - 89 අඳුරු අතීතය නිලයටම අල්ලලා කිව්ව කතාවක්
08:29
Video thumbnail
නලීන් - සුනිල් එළියට දාන ලැයිස්තුවල ඇත්ත නැත්ත රෝහණ කියයි
09:19
Video thumbnail
ඇමති විජිත ට්‍රැවල් ඒජන්සිවලින් ඩිනර් පාටි අරං booking.com එකට බදු ගහන්න යනවා
21:49
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
00:44
Video thumbnail
මේ හොර දොස්තරලා අල්ලලා පෙන්නන්න සෞඛ්‍ය ඇමතිට දසත අපි අභියෝග කරනවා - Dasatha Search Light
09:23
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
01:37
Video thumbnail
දේශබන්දුට ගෙවල් 08ක් තියෙනවා හරක් කටාට වඩා දේශබන්දු අපරාධකාරයෙක්
02:05
Video thumbnail
ගොල්ෆේස් ගිහින් පොර ටෝක් දුන්නේ
00:38
Video thumbnail
අහං හිටපු හැමෝගෙම ඇස් කඳුළින් තෙත් කළ පොලිස් මහත්තයා කියපු සංවේදී කතාව - මනුදම් තක්සලාව
01:42:24
Video thumbnail
මහා දවල්ට කඩේට පැනලා ලක්ෂ 3කට විදපු රුවන්වැල්ලේ අක්කගේ සෙල්ලම මාට්ටු
01:46

?