තල්ගහවිල ද්විත්ව ඝාතනයේ සැකකරුවෙක් පොලිස් වෙඩි කා මරුට (ඡායාරූප)

පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ මෙහෙයුමක් අතරතුර මාර්ග බාධකයක් ආසන්නයේ දී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක සිටි පුද්ගලයෙක් පොලීසියට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, පොලිසියට ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී එම යතුරුපැදිකරු මෙලෙස ජීවිතක්ෂයට තිබෙනවා.

අද (08) අලුයම් කාලයේ දී මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වයස අවුරුදු 33ක් පමණ වන පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙම පුද්ගලයා ඊයේ (07) මොරගහහේන පොලිස් වසමේ තල්ගහවිල, මාලොස්ඇල ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බවට සැක කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

1 1
2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
6
+1
2
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?