තරුණ ජීවිත දෙකක් අහිමිකර ලොරි රථ රියදුරා පැනගිහින්

මඩකලපුව – කල්මුනේ ප්‍රධාන මාර්ගයේ පුදුකුඩිරිප්පු ළමා නිවාසය අසළ ඊයේ (13) සවස් කාලයේ සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මඩකලපුව දෙස සිට ධාවනය වූ ලොරි රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුරෙන් යතුරුපැදියේ ගමන්ගත් තිදෙනෙකු තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16 සහ 17 යන වයස්වල පසු වූ තරුණයින් දෙදෙනෙක්.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයා රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

අනතුරින් පසු ලොරි රථයේ රියදුරු පලාගොස් ඇති අතර, ඔහු සොයා කාත්තන්කුඩිය පොලිසිය මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?