AFC Banner
Empty Ad
Empty Ad

තරුණියකට සහ සුරතලාට මරු කැඳවූ මංගලගම අනතුර

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල, මංගලගම ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් 26 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත් වුණා.

ත්‍රිරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී ත්‍රිරෝද රථයේ තිදෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන් බරපතළ තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙම තරුණිය මියගොස් තිබෙනවා.

ඊයේ (07) සිදු වූ මෙම අනතුරින් පසු ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වූ රඹුක්කනම උඩගල්දෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියගේ සුරතලා ද මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
27
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?