AFC Banner
AFC Banner
Empty Ad

තරුණයෙකුට මරු කැඳ වූ කෙහෙල්බද්දර වෙඩි තැබීමේ තොරතුරු රැසක් එළියට

20 හැවිරිදි තරුණයකු ඊයේ (06) ගම්පහ, කෙහෙල්බද්දර ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් පහක් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් තිබූ අතර, වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වුණේ ගම්පහ, අස්ගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

මෙම තරුණයා කෙහෙල්බද්දර ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක සේවය කළ අයෙකු වන අතර, එම ස්ථානයේ හිමිකරු ඉලක්ක කර එල්ල කළ වෙඩි ප්‍රහාරයකට තරුණයා බිලි වූ බවට ද පොලිසිය සැක කරනවා.

කෙසේ වෙතත් විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ මෙම වෙඩි තැබීම, පසුගිය 27 වනදා ගම්පහ මහාධිකරණය ඉදිරිපිට දී සමන් රෝහිත පෙරේරා හෙවත් ‘පස්පොඩ්ඩා’ ඇතුළු දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ එකක් බවටයි.

පොලිසිය සඳහන් කළේ ‘පස්පොඩ්ඩා’ ඝාතන සිද්ධියේ සැක කරන පුද්ගලයෙකුගේ ඥාතියෙක් විසින් මෙම කොණ්ඩා කපන ස්ථානය පවත්වාගෙන යන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?