තරුණයෙක් එක්ක පැන ගිහින් කසාද බැන්ද දුවගේ අවමංගල්‍ය උත්සවය දුව ජීවත්ව සිටියදීම සිදුකරලා

අන්‍යාගමික තරුණයෙකු සමඟ පලා ගොස් ඔහු සමඟ විවාහ වූ තරුණියකගේ දෙමව්පියන් විසින් ඇයගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

බටහිර බෙංගාලයේ නාඩියා දිස්ත්‍රික්කයේ තරුණියක් මෙලෙස තරුණයෙකු සමඟ පලා ගොස් ඔහු සමඟ විවාහ වී ඇති අතර, එම විවාහය සිදු වී දින 12කට පසු ඇය ජීවත්ව සිටියදීම ඇයගේ මව්පියන් සහ ඥාතීන් එක්ව තරුණියගේ ‘ශ්‍රද්ධා’ උත්සවය ( අවමංගල්‍ය උත්සවය) පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් වන මෙම තරුණියගේ වුලේ අය පැවසුවේ අය පවුලට අපකීර්තියක් ගෙන දුන් නිසා ඇය මිය ගිය බව සිතා ‘ශ්‍රද්ධා’ උත්සවය පැවැත්වූ බවයි.

“ඇය අපට මැරුණා හා සමානයි. අපි ඇයට විවාහය සංවිධානය කළා, නමුත් ඇය අපට සවන් දීමටවත් කැමති වුණේ නැහැ. මේ විදියට අප හැර යාමෙන් ඇය අපකීර්තියක් ගෙනාවා.” යනුවෙන් තරුණියගේ මව මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

හිස කෙස් කැපීම ඇතුළුව ‘ශ්‍රද්ධා’ චාරිත්‍ර සියල්ලම මවින් විසින් අනුගමනය කර ඇති අතර, පූජකවරයා උත්සවය පැවැත්වූ ස්ථානයේ තරුණියගේ ඡායාරූපයක් මල්මාලාවක් ද දමා තබා තිබූ බවයි වාර්තා වුණේ.

මෙහිදී තරුණියගේ සියලු පෞද්ගලික බඩු බාහිරාදිය ද පුළුස්සා දමා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රාදේශීය විද්‍යාලයක දෙවන වසරේ ඉගෙනුම ලැබූ මෙම තරුණිය, ඇයට පවුලේ අය විවාහය සංවිධානය කර තිබුණත් ඊට දැඩිලෙස විරුද්ධ වී තිබෙනවා.

එහිදී පවුල තුළ කිහිප වතාවක්ම ඇති වූ ආරවුල් වලින් පසුව, ඇය වෙනත් ආගමකට තරුණයෙකු සමඟ නිවසින් පිටවගොස් මෙලෙස විවාහ වී ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
22
+1
55
+1
224
+1
23
+1
68
+1
17
+1
37
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32


?