තරුණයෙක් එක්ක පැන ගිහින් කසාද බැන්ද දුවගේ අවමංගල්‍ය උත්සවය දුව ජීවත්ව සිටියදීම සිදුකරලා

අන්‍යාගමික තරුණයෙකු සමඟ පලා ගොස් ඔහු සමඟ විවාහ වූ තරුණියකගේ දෙමව්පියන් විසින් ඇයගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

බටහිර බෙංගාලයේ නාඩියා දිස්ත්‍රික්කයේ තරුණියක් මෙලෙස තරුණයෙකු සමඟ පලා ගොස් ඔහු සමඟ විවාහ වී ඇති අතර, එම විවාහය සිදු වී දින 12කට පසු ඇය ජීවත්ව සිටියදීම ඇයගේ මව්පියන් සහ ඥාතීන් එක්ව තරුණියගේ ‘ශ්‍රද්ධා’ උත්සවය ( අවමංගල්‍ය උත්සවය) පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් වන මෙම තරුණියගේ වුලේ අය පැවසුවේ අය පවුලට අපකීර්තියක් ගෙන දුන් නිසා ඇය මිය ගිය බව සිතා ‘ශ්‍රද්ධා’ උත්සවය පැවැත්වූ බවයි.

“ඇය අපට මැරුණා හා සමානයි. අපි ඇයට විවාහය සංවිධානය කළා, නමුත් ඇය අපට සවන් දීමටවත් කැමති වුණේ නැහැ. මේ විදියට අප හැර යාමෙන් ඇය අපකීර්තියක් ගෙනාවා.” යනුවෙන් තරුණියගේ මව මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

හිස කෙස් කැපීම ඇතුළුව ‘ශ්‍රද්ධා’ චාරිත්‍ර සියල්ලම මවින් විසින් අනුගමනය කර ඇති අතර, පූජකවරයා උත්සවය පැවැත්වූ ස්ථානයේ තරුණියගේ ඡායාරූපයක් මල්මාලාවක් ද දමා තබා තිබූ බවයි වාර්තා වුණේ.

මෙහිදී තරුණියගේ සියලු පෞද්ගලික බඩු බාහිරාදිය ද පුළුස්සා දමා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රාදේශීය විද්‍යාලයක දෙවන වසරේ ඉගෙනුම ලැබූ මෙම තරුණිය, ඇයට පවුලේ අය විවාහය සංවිධානය කර තිබුණත් ඊට දැඩිලෙස විරුද්ධ වී තිබෙනවා.

එහිදී පවුල තුළ කිහිප වතාවක්ම ඇති වූ ආරවුල් වලින් පසුව, ඇය වෙනත් ආගමකට තරුණයෙකු සමඟ නිවසින් පිටවගොස් මෙලෙස විවාහ වී ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40