AFC Banner
AFC Banner
Empty Ad

තරුණයන් පිරිසක් ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අල්ලා පොලිසියට භාර දෙයි

යාපනය, පොන්නාලෙයි ප්‍රදේශයේදී තරුණයින් පිරිසක් ගංජා කිලෝ 227ක් සමඟ පුද්ගලයෙකු අල්ලා පොලිසියට භාරදී තිබෙනවා.

ප්‍රදේශවාසීන් පැවසූවේ සැකකටයුතු වාහනයක් ගම්මානය හරහා ගමන් කිරීමේදී තරුණයින් අදාළ වාහනය නතර කර පරීක්ෂා කිරීමේදී ගංජා තොගය සොයා ගැනීමට හැකිවී ඇති බවයි.

අනතුරුව ඔවුන් ලබාදුන් තොරතුර මත සැකකරු ගංජා තොගය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය ප්‍රකාශ කළා.

අත්අඩංගුවට ගත් සැකකරු බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, වාහනය පරීක්ෂා කිරීමේදී එහි සිටි තවත් පිරිසක් පළා ගොස් ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් ගංජා තොගය සහ සැකකරු යාපනය, මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?