තරුණයන් පිරිසක් ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අල්ලා පොලිසියට භාර දෙයි

යාපනය, පොන්නාලෙයි ප්‍රදේශයේදී තරුණයින් පිරිසක් ගංජා කිලෝ 227ක් සමඟ පුද්ගලයෙකු අල්ලා පොලිසියට භාරදී තිබෙනවා.

ප්‍රදේශවාසීන් පැවසූවේ සැකකටයුතු වාහනයක් ගම්මානය හරහා ගමන් කිරීමේදී තරුණයින් අදාළ වාහනය නතර කර පරීක්ෂා කිරීමේදී ගංජා තොගය සොයා ගැනීමට හැකිවී ඇති බවයි.

අනතුරුව ඔවුන් ලබාදුන් තොරතුර මත සැකකරු ගංජා තොගය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය ප්‍රකාශ කළා.

අත්අඩංගුවට ගත් සැකකරු බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, වාහනය පරීක්ෂා කිරීමේදී එහි සිටි තවත් පිරිසක් පළා ගොස් ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් ගංජා තොගය සහ සැකකරු යාපනය, මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18