ලෝක කුසලානයෙන් දොට්ට වැටුණු ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට (ඡායාරූප)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස, එක්තරා කණ්ඩායමක් සිටි බවත්, ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ නිසා මෙම ඛේදනීය පරාජය අත් වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ පවසනවා.

ඒ අද අලුයම එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ මූලික වටයේ තරගවලින් පරාජයට පත් වීමෙන් පසු, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණි අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තම ග්‍රහණයට ගැනීමට කැපවන බවත්, මේ පිළිබඳ සියලු තතු තව දින දෙකකින් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් ශ්‍රී ලාංකීය ජනතාවට දැන ගැනීමට සැලැස්වීමට තමන් පියවර ගන්නා බවත් තේරීම් කමිටු සභාපතිවරයා පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරන ගුවන් යානය අද අලුයම 05.05 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිටයි මෙරටට පැමිණියේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත එක් ව සිටියා.

ක්‍රිකට් කණ්ඩායම සමග පුහුණුකරුවන්, භෞත චිකිත්සකයන් ඇතුළු නිලධාරීන් සියලු ම දෙනා පැමිණි බවයි වාර්තා වන්නේ.

ඔවුන් වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට ව යාම සඳහා පොදු බස් රථයක් ද සූදානම් කර තිබුණ ද බොහෝ ක්‍රීඩකයින් තම පෞද්ගලික මෝටර් රථවලින් සිය නිවෙස් බලා පිටත්ව ගිය අතර ඔවුන් වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ සහ ඒ අවට වැඩි ආරක්ෂක නිලධාරීන් පිරිසක් ද යොදා තිබුණු බව ද අප ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙවර එක්දින ලෝක කුසලානයේ දී අමිහිරි පරාජයක් උරුම වුණා.

ඒ ඔවුන් මුහුණ දුන් තරග 09න් 07ක් ම පරාජයට පත් වෙමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ වත්මන් ලෝක ශූර එංගලන්තයට එරෙහි තරගය සහ නෙදර්ලන්තයට එරෙහි තරගය පමණි.

ඊයේ පැවැති අවසන් තරගය ද ඔවුන් නවසීලන්තය ඉදිරියේ කඩුලු 05කින් පරාජයට පත් වුණේ, ප්‍රසාද ලකුණු පුවරුවේ 09 වැනි ස්ථානයට ඇද වැටෙමින්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට එළඹෙන චැම්පියන්ස් කුසලානයට සුදුසුකම් ලැබීම මේ වනවිට අවිනිශ්චිත මට්ටමක පවතිනවා.

WhatsApp Image 2023 11 10 at 07.03.28
WhatsApp Image 2023 11 10 at 07.03.33 2
WhatsApp Image 2023 11 10 at 07.03.33
WhatsApp Image 2023 11 10 at 07.03.34
WhatsApp Image 2023 11 10 at 07.03.35 1
20231110 060000 scaled
20231110 060006 1 scaled
20231110 060006 scaled
20231110 060010 scaled
20231110 060024 scaled
20231110 060144 scaled
20231110 060919 scaled
20231110 061114 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
5
+1
24
+1
3
+1
11
+1
3
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?