තරගාවලි පරාජයකින් බේරීමට පාකිස්තානයට ලකුණු 164ක ඉලක්කයක්

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ඔස්ට්‍රෙලියා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය ජයග්‍රහණය සඳහා පාකිස්තානයට ලකුණු 164ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

අද (08) තරගය ඇඩිලේඩ් හි දී එරට වේලාවෙන් උදෑසන 9.30ට ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනූ නායක මොහොමඩ් රිස්වාන් පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව ඔස්ට්‍රෙලියානු කණ්ඩායම පළමුව අභියෝගාත්මක ලකුණු පුවරුව නිර්මාණය කිරීමේ වගකීම භාරගත් අතර පාකිස්තානයේ පීඩනකාරී පන්දු යැවීම් හමුවේ ඔස්ට්‍රෙලියානු පිතිකරුවන් සිය පන්දුවාර 50 නිමා වීමටත් පෙර සියල්ලන් ම ලකුණු 200ට අඩු සීමාවක දී දැවී ගියා.

ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් අද තරගයේ දී වැඩිම ලකුණු ලබාගත්තේ ස්ටීවන් ස්මිත් (35) පමණයි.

අනිත් සියලුම පිතිකරුවන් ලකුණු 20කට අඩු ලකුණු සීමාවක දී දැවී ගියා.

පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ හැරිස් රවුෆ් ලකුණු 29කට කඩුලු 05ක්, ශහීන් ශා අෆ්‍රිඩි කඩුලු 03ක් සහ මොහොමඩ් හස්නේන් සහ නසීම් ෂා එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

මේ වනවිට ජයග්‍රහණයට ලකුණු 164ක ඉලක්කයක් හඹා යාම ආරම්භ කර ඇති පාකිස්තානය පන්දුවාර 10ක් නිමාවනවිට කිසිවෙකු නොදැවී ලකුණු 39ක් ලබා සිටිනවා.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියේ රැඳී සිටින්නේ සයිම් අයුබ් සහ අබ්දුල්ලා යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59

?