කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, අනුව පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොල්තුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55-65 දක්වා වැඩිවන අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බවයි දැනුම් දෙන්නේ.
එමෙන්ම පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොල්තුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3.0ක් පමණ ඉහළට යාමේ හැකියාවක් බවතින බව ද, මේ හේතුවෙන් එම ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ, අනුව මෙම මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය 24 සදහා යාත්‍රා නොකරන ලෙසයි නාවික හා ධීවර ප්‍රජාවන්ට දැනුම් දෙන්නේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (13) පෙරවරු 9.00 දක්වා වලංගු වනවා.





