AFC Banner
AFC Banner
Empty Ad

තද සුළං සහ මුහුද රළුවීම ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර සහ උතුරු මුහුදු ප්‍රදේශ සහ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ සඳහා අද මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ හෙට පස්වරු 2.30 දක්වා වලංගු වන ආකාරයෙන්.

එහි දැක්වෙන්නේ නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි දින දෙක තුලදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවයි.

එය වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ ඊසානදිග ඹුහුදු වෙරළ වෙත ළඟාවීමේ හැකියාවක් පවතිනවා.

මධ්‍යම බෙංගාල බොක්ක සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල සහ ශ්‍රී ලංකාවේ නැගෙනහිර සහ උතුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 55ක් 65ක් පමණ දක්වා වැඩිවිය හැකි අතර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මේ හේතුවෙන් මන්නාරම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ වෙත නැවත දැනුම්දෙන තෙක් යාත්‍රා නොකරන ලෙසටයි ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම්දෙන්නේ.

දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දැනුම් දෙනවා.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමු කරන ලෙසටයි ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

මේ අතර තද සුළං පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද පස්වරු 3ට මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ හෙට (22) පස්වරු 3 දක්වා වලංගු වන ආකාරයෙන්.

එම නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වයේ බලපෑම හේතුවෙන් උතුරු නැගෙනහිර ඌව සහ උතුරු මැද පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක 50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?