තද සුළං සහ මුහුද රළුවීම ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර සහ උතුරු මුහුදු ප්‍රදේශ සහ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ සඳහා අද මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ හෙට පස්වරු 2.30 දක්වා වලංගු වන ආකාරයෙන්.

එහි දැක්වෙන්නේ නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි දින දෙක තුලදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවයි.

එය වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ ඊසානදිග ඹුහුදු වෙරළ වෙත ළඟාවීමේ හැකියාවක් පවතිනවා.

මධ්‍යම බෙංගාල බොක්ක සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල සහ ශ්‍රී ලංකාවේ නැගෙනහිර සහ උතුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 55ක් 65ක් පමණ දක්වා වැඩිවිය හැකි අතර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මේ හේතුවෙන් මන්නාරම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ වෙත නැවත දැනුම්දෙන තෙක් යාත්‍රා නොකරන ලෙසටයි ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම්දෙන්නේ.

දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දැනුම් දෙනවා.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමු කරන ලෙසටයි ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

මේ අතර තද සුළං පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද පස්වරු 3ට මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ හෙට (22) පස්වරු 3 දක්වා වලංගු වන ආකාරයෙන්.

එම නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වයේ බලපෑම හේතුවෙන් උතුරු නැගෙනහිර ඌව සහ උතුරු මැද පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක 50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58