AFC Banner
AFC Banner
Empty Ad

තණකොළ කපන මැෂිමක් පැත්තක සිටි පුද්ගලයෙකුගේ ජීවිතය බිළිඅරන්

තණකොළ කපන යන්ත්‍රයක යකඩ දැත්තක් හිසේ වැදීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

ඇඹිලිපිටිය, ගඟේ යාය ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක ට්‍රැක්ටර් රථයක් උපයෝගීකරගෙන තණකොළ කපමින් සිටිය දී තණකොළ මැෂිමේ දැත්තක් කැඩී ගොස් ක්‍රීඩා පිටියේ සිටි පුද්ගලයෙකුගේ හිසේ වැදී ඇති බවයි වාර්තා වුණේ.

එහිදී බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (06) පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් පසු ට්‍රැක්ටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?