ණය ප්‍රශ්නයකට සැමියා බිරිඳගේ නාසය කාලා

බිරිඳ සහ සැමියා අතර ඇති වූ ආරවුලකින් පසු සැමියා විසින් බිරිඳගේ නාසය සපා කෑ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

කර්ණාටක ප්‍රාන්තයේ දවනගේරේ ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක දී සැමියා මෙලෙස බිරිඳගේ නාසය සපා කා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

විද්‍යා නම් කාන්තාව ඇගේ සැමියා වන විජේ ඇපකරුවෙකු ලෙස තබා ණය මුදලක් ලබාගෙන තිබෙනවා.

එහි වාරික ගෙවීමට ඇය අපොහොසත් වී ඇති අතර, ණය හිමියා විසින් දෙදෙනාට හිරිහැර කිරීමට පටන් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මොවුන් දෙදෙනා අතර නිතර නිතර ආරවුල හටගෙන ඇති අතර, දෙදෙනා අතර පසුගිය අඟහරුවාදා ද ආරවුලක් හටගෙන තිබෙනවා.

එහිදී සැමියා විසින් බිරිඳගේ නාසයේ කෙළවර සපා කා ඇති අතර, එහිදී බරපතළ තුවාල ලැබූ කාන්තාව චන්නගිරි රජයේ රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

නාසය අහිමි වූ බිරිඳ මේ වනවිට සුවය ලබමින් සිටින අතර, ඇය විසින් සැමියාට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
7
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29