spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට IMF සහාය

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහාය දෙන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහතික වී තිබෙනවා.

සියලුම නිල ද්විපාර්ශ්වික ණය හිමියන්ට ණය සාකච්ඡා සඳහා සහභාගී විය හැකි අතර පළමු වැඩසටහනේ සමාලෝචනය මගින් ණය සම්පූර්ණ කිරීම වෙනුවෙන් ඉක්මන් ප්‍රගතියක් ලබා ගත හැකි බවටයි IMF හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ Kenji Okamura බලාපොරොත්තු වන්නේ.

ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ක්‍රියාවලියට එක්වෙමින් නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා පැවසුවේ IMF ධනාත්මක ගම්‍යතාවයට සහය වන අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට ද සහාය දෙන බවයි.

ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් ගොඩ ඒම සඳහා කඩිනම් ණය විසඳුමක් අවශ්‍ය බව ද ඔහු අවධාරණය කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජපානයෙන් සුබ පණිවිඩයක් ප්‍රකාශයට පත් වුණා.

ඒ, ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි විසින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධීකරණය කිරීමට ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව විසින් ණය හිමියන් සඳහා නවවේදිකාවක් ප්‍රකාශයට පත් කරන බව පැවසීමත් සමඟයි.

ඒ අනුව, නව වේදිකාව යටතේ ණය හිමියන් ශ්‍රී ලංකාවේ ණය පිළිබඳ සාකච්ඡා වට කීපයක් පවත්වනු ඇති.

එහිදි ජපාන මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ චීනයටද මේ සඳහා එක් විය හැකි නම් එය ඉතා වටිනා අවස්ථාවක් වනු ඇති බවයි.

ජපානයේ පාර්ශවයෙන් මෙම අදහස් පළ වුණේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව අද සිය තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති පසුබිමකයි.

මේ අතර ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා තවදුරටත් ශ්‍රී ලංකාව වෙත සහාය ලබාදෙන බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා.

දශක කිහිපයකින් රට මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සහය වීමේ කොටසක් ලෙස ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාව සඳහා වැඩි සහනදායී අරමුදල් සහ හරිත බැඳුම්කර නිකුතු සඳහා සහය ලබා දීමට සලකා බලමින් සිටින බවයි ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ චෙන් චෙන් ප්‍රකාශ කර ඇත්තේ.

ඔහු කියා සිටියේ මේ වසරේ ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රමුඛතාවය වන්නේ සමස්ත ආර්ථික ස්ථාවරත්වය, බැංකු සහ බලශක්ති ක්ෂේත්‍රවල ස්ථාවරත්වය සඳහා සහාය වීම වෙනුවෙන් කටයුතු කිරීම බවයි.

තව තවත් සහන එක්රැස් කිරීමට සහ රටට සම්පත් ලබා දීමට ද ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින අතර එය ඉදිරි වසරවලදී තම ආධාරවල කොටසක් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි අධ්‍යක්ෂ චෙන් පැවසුවේ.

2022 වසරේ දී ආසියානු සංවර්ධන බැංකුව දැනට පවතින ව්‍යාපෘති ණය ප්‍රතිනිර්මාණය කිරීමෙන් ඩොලර් මිලියන 334ක් පමණ ලබා දී තිබෙනවා.

ADB ශ්‍රී ලංකා අධ්‍යක්ෂ චෙන් චෙන් පැවසුවේ ප්‍රවාහන, බලශක්ති, අධ්‍යාපනය, සෞඛ්‍ය, සමාජ ආරක්ෂණ, කෘෂිකර්මාන්තය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා කලින් අනුමත කරන ලද ඩොලර් බිලියන 3.7ක පමණ ණය ප්‍රමාණයක් ඇති අතර ඒවා ව්‍යාපෘතිවල ප්‍රගතිය සලකා බැලීමත් සමඟ බෙදා හරින බවයි.

අරමුදල් ලබාදීම ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහතික කරනු ඇති අතර එමඟින් බැංකු සහ බලශක්ති ක්ෂේත්‍ර සුරක්ෂිත කිරීමට ද උපකාරී වනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයා විශ්වාසය පළ කරනවා.

අධ්‍යක්ෂ චෙන් සඳහන් කළේ ශ්‍රී ලංකාව දැන් ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව බැංකුවල වත්කම් තත්ත්ව සමාලෝචනයක් සිදු කරමින් සිටින අතර, විදුලිබල ක්ෂේත්‍රයේ පාලනය සහ මූල්‍ය තිරසාරභාවය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සාකච්ඡා කරමින් සිටින බවයි.

ඉන්ධන, ආහාර සහ ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ආනයන සඳහා ගෙවීමට රජයට ඩොලර් නැතිවීමත් සමඟ පසුගිය වසරේ විදුලිය ඇනහිටීම් හේතුවෙන් ආර්ථික කටයුතුවලට ඇති වූ බාධා තුලින් ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ අනාගත ප්‍රකෘතිය සඳහා බලශක්ති ක්ෂේත්‍රයට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ යුතු බව පෙන්නුම් කර ඇතැයි ද ඔහු සඳහන් කළා.

ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු “හරිත හෝ නිල් බැඳුම්කර” විකිණීම සඳහා පදනම සකස් කිරීමට ADB පළාත් පාලන ආයතන සමඟ කටයුතු කරමින් සිටින බව චෙන් සඳහන් කළේය.

පසුගිය වසරේ 7.8% කින් හැකිළුණු ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වසරේ සියයට 3කින් හැකිලෙන අතර 2024 දී සියයට 1.3කින් ප්‍රසාරණය වනු ඇතැයි ADB අපේක්ෂා කරනවා.

පසුගිය මාසයේදී, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 3ක ණය ලබාගෙන ඇති අතර එය නැවුම් අරමුදල් විවෘත කිරීමට සහ 2022 වසරේ දී පෙර නොවූ විරූ ණය පැහැර හැරීමකින් පසු රට ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කිරීමට උපකාරී වන බව ඔවුන්ගේ අපේක්ෂාවයි.

පසුගිය වසරේ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව සිය ණය බැඳීම් ලිහිල් කිරීමට උත්සාහ කළ බැවින්, ශ්‍රී ලංකාවට තවත් සහනදායී අරමුදල් සඳහා සුදුසුකම් හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?