ජනප්‍රිය තෙළිඟු නිළිය මියගිය ශෝකයට නළුවාත් සියදිවි නසාගනී

චන්දු ලෙස හඳුන්වන තෙළිඟු රූපවාහිනී නළු චන්ද්‍රකාන්ත් තෙලන්ගානා ප්‍රාන්තයේ අල්කාපූර් හි පිහිටි ඔහුගේ නිවසේ දී සියදිවි නසාගෙන ඇති බව වාර්තා වනවා.

ඔහු ඊයේ (17) මෙලෙස සියදිවි නසාගෙන ඇති අතර, ඔහුගේ අභාවය පිළිබඳ පුවත තෙළිඟු රූපවාහිනී ක්ෂේත්‍රය දැඩි ශෝකයට පත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔහුගේ සම නිළිය සහ ආදරණීය මිතුරිය වූ පවිත්‍රා ජයරාම් මාරක රිය අනතුරකින් ඛේදජනක ලෙස මියාම සම්බන්ධයෙන් ඔහු පසුගිය දින කිහිපය තුළම දැඩි මානසික අවපීඩනයෙන් පෙළෙමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව චන්ද්‍රකාන්ත් මෙලෙස ඔහු සහ නිළි පවිත්‍රා ජයරාම් පදිංචිව සිටි අල්කාපූර් හි නිවසේ ම ගෙල වැළලාගෙන ඇති බව සඳහන්.

තෙළිඟු රූපවාහිනී නිළියක් වන පවිත්‍රා ජයරාම් තෙලන්ගානා ප්‍රාන්තයේ දී පසුගිය ඉරිදා සිදු වූ දරුණු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණා.

ඇයගේ මෝටර් රථය පාලනය කරගත නොහැකිව පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම අනතුරින් නළු චන්ද්‍රකාන්ත්, පවිත්‍රාගේ ඥාති සොහොයුරියක් සහ රියදුරු ද බරපතල තුවාල ලැබුවා.

මේ අතර ඉන්දීය මධ්‍ය වාර්තා කරන්නේ පවිත්‍රා සහ චන්ද්‍රකාන්ත් අතර ආදර සම්බන්ධයෙන් තිබූ බවටයි.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40