AFC Banner
Empty Ad

ණය නොදුන් බැංකුවට දුන් අපුරූ දඬුවම

ණය ඉල්ලුම්පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නිසා කලකිරීමට පත්වූ ගණුදෙනුකරුවෙකු විසින් සිය ණය ඉල්ලුම් පත ප්‍රතික්ෂේප කරනු ලැබූ බැංකුවට ගිනි තබා තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ, හවේරි දිස්ත්‍රික්කයෙන්.

ණය ඉල්ලුම්පත බැංකුවට ඉදිරිපත් කෙරුණද එය බැංකුව විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ ඔහුගේ ලේඛණ වල තිබු අඩුපාඩු හේතුවෙන්.

මේ සිදුවීමෙන් උරණ වූ අදාළ පුද්ගලයා විසින් මෙලෙස බැංකු ශාඛාවට ගිනි තබා තිබෙන බවයි ඉන්දීය වාර්තා කර සිටියේ.

මෙම ගිනි තැබීම සිදුකළ පුද්ගලයා මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට එරෙහිව චෝදනා 03ක් යටතේ නඩු ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?