AFC Banner
Empty Ad
Empty Ad

ඩොලර් බිලියන 25 ක් ගංවතුරේ ගසා ගෙන යයි

ගංවතුර සහ ඒ ආශ්‍රිත අනතුරැ නිසා ගෙවුණු 2021 වසරේ දී චීනයට ඩොලර් බිලියන 25 ක පමණ පාඩුවක් සිදුව ඇති බව අනාවරණය වී තිබේ. ස්විස් රේ ආයතනය සිදුකළ සමීක්ෂණයක දී මෙම ‍තොරතුරැ අනාවරණය වී ඇති අතර ඒ අනුව එම වසරේ දී රටක් ලෙස ලොව ගංවතුරෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ ද චීනයටයි.

එහිදී වැඩිම හානිය සිදුව ඇත්තේ හෙනාන් පළාතට වන අතර 2021 ජූලි මාස‍යේ දී එහි ඇතිවූ ගංවතුරෙන් සිදූවූ හානිය ඩොලර් බිලියන 19 ක් බවට තක්සේරැ කර තිබේ.

දේශගුණ විපර්යාස නොතකා හැරීම, පරිසරයට අධික ලෙස හානි සිදුකරමින් කර ඇති ඉදිකිරීම් ආදිය මෙම තත්වයට මූලික හේතුව බව ද පැවසේ.

එම වසරේ දී ලොව පුරා දැවැන්ත ගංවතුර තත්වයන් 50 ක් පමණ වාර්තා වී ඇති අතර ඉන් ජීවිත 2300 ක් පමණ විනාශ වී ඩොලර් බිලියන 82 ක පමණ හානියක් ලෝකයෙන් වාර්තා වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?