AFC Banner
Empty Ad
Empty Ad

ඩොලරය රුපියල් හාරසීයට යනවා

ආණ්ඩුව ගැටලු මත ගැටලු නිර්මාණය කරමින් ගැටලු විසඳන්නට කටයුතු කරමින් ඉන්නා බවත් නිසිපරිදි ආර්ථීකය කළමනාකරණය නොකිරීම හේතුවෙන් මේ වසර අවසානයේ දී ඇමරිකානු ඩොලරය රුපියල් හාරසිය පනහ ආසන්නවීම කාට හෝ වැළැක්විය නොහැකි බවත් ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවැසීය.

පවත්නා තත්ත්වය කළමනාකරණය කළයුතු ආකාරය පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බැව් පැවැසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මෙත්සිල මහතා කියා සිටියේ,

අපි පුරෝකතනය කළේ ඩොලරය දෙසැම්බර් මාසයේ දී පමණ 300 ට යයි කියලා වුණත් දෙසතියකින් එම තත්ත්වය උදාවෙලා.
අපි ආහාර සහ බොහෝදේ ආනයනය කරන රටක්. රජය ආනයන සීමා කර තිබුණ ද දළ වශයෙන් ඩොලර් බිලියන 22ක ආනයන සිදුකරනවා. එහෙම බලද්දි ඩොලරය 203 සිට 300 දක්වා වැඩිවීමෙන් අමතරව රුපියල් දෙකෝටි විසි ලක්‍ෂයක් වියදම් කරන්න වෙලා තියනවා. ඒ මුදල ගෙවන්නෙත් පාරිභෝගිකයා. මේ වනවිටත් අපේ උද්දමනය ආසියාවේ වැඩිම උද්දමනය ලෙසින් වාර්තාගතව 17% ක් ඉක්මවමින් ඉන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?