ඩොලරය රුපියල් හාරසීයට යනවා

ආණ්ඩුව ගැටලු මත ගැටලු නිර්මාණය කරමින් ගැටලු විසඳන්නට කටයුතු කරමින් ඉන්නා බවත් නිසිපරිදි ආර්ථීකය කළමනාකරණය නොකිරීම හේතුවෙන් මේ වසර අවසානයේ දී ඇමරිකානු ඩොලරය රුපියල් හාරසිය පනහ ආසන්නවීම කාට හෝ වැළැක්විය නොහැකි බවත් ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවැසීය.

පවත්නා තත්ත්වය කළමනාකරණය කළයුතු ආකාරය පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බැව් පැවැසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මෙත්සිල මහතා කියා සිටියේ,

අපි පුරෝකතනය කළේ ඩොලරය දෙසැම්බර් මාසයේ දී පමණ 300 ට යයි කියලා වුණත් දෙසතියකින් එම තත්ත්වය උදාවෙලා.
අපි ආහාර සහ බොහෝදේ ආනයනය කරන රටක්. රජය ආනයන සීමා කර තිබුණ ද දළ වශයෙන් ඩොලර් බිලියන 22ක ආනයන සිදුකරනවා. එහෙම බලද්දි ඩොලරය 203 සිට 300 දක්වා වැඩිවීමෙන් අමතරව රුපියල් දෙකෝටි විසි ලක්‍ෂයක් වියදම් කරන්න වෙලා තියනවා. ඒ මුදල ගෙවන්නෙත් පාරිභෝගිකයා. මේ වනවිටත් අපේ උද්දමනය ආසියාවේ වැඩිම උද්දමනය ලෙසින් වාර්තාගතව 17% ක් ඉක්මවමින් ඉන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50