ඩොලරයට සාපේක්ෂව රුපියල පහළට

භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ ආනයන සීමා ඉවත් කිරීමත් සමඟ ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ අගය ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව අද පෙරවරුවේ නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 290.06ක් දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අගය රුපියල් 303.73ක් ලෙසටයි දැක්වෙන්නේ.

මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද මධ්‍යම විනිමය අනුපාතිකය රුපියල් 296.24 ක් වන අතර එය පෙබරවාරි 24 වැනිදා රුපියල් 362.66 ක් තරම් ඉහළ අගයක් විය.

අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවලද එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

සිකුරාදා (09) දිනට සාපේක්ෂව මහජන බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 285.14 සිට රුපියල් 288.06ක් දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් මිල රුපියල් 302.01 සිට රුපියල් 305.11 දක්වා ඉහළ ගොස් ඇති බවයි දැක්වෙන්නේ.

කොමර්ෂල් බැංකුවේ ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය සිකුරාදා දිනට සාපේක්ෂව රුපියල් 286.04 සිට රුපියල් 288.02 ක් දක්වා ඉහළ ගිය අතර විකුණුම් මිල රුපියල් 301 සිට රුපියල් 303ක් දක්වා වැඩිවී තිබෙනවා.

සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත ඉහළ ගොස් ඇත්තේ රුපියල් 288 සිට රුපියල් 290ක් සහ රුපියල් 300 සිට රුපියල් 302 දක්වායි.

Peoples Bank 6
Com bank 3
Sampath Bank 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
28
+1
8
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22