spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩොලරයට සාපේක්ෂව රුපියල පහළට

භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ ආනයන සීමා ඉවත් කිරීමත් සමඟ ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ අගය ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව අද පෙරවරුවේ නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 290.06ක් දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අගය රුපියල් 303.73ක් ලෙසටයි දැක්වෙන්නේ.

මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද මධ්‍යම විනිමය අනුපාතිකය රුපියල් 296.24 ක් වන අතර එය පෙබරවාරි 24 වැනිදා රුපියල් 362.66 ක් තරම් ඉහළ අගයක් විය.

අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවලද එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

සිකුරාදා (09) දිනට සාපේක්ෂව මහජන බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 285.14 සිට රුපියල් 288.06ක් දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් මිල රුපියල් 302.01 සිට රුපියල් 305.11 දක්වා ඉහළ ගොස් ඇති බවයි දැක්වෙන්නේ.

කොමර්ෂල් බැංකුවේ ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය සිකුරාදා දිනට සාපේක්ෂව රුපියල් 286.04 සිට රුපියල් 288.02 ක් දක්වා ඉහළ ගිය අතර විකුණුම් මිල රුපියල් 301 සිට රුපියල් 303ක් දක්වා වැඩිවී තිබෙනවා.

සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත ඉහළ ගොස් ඇත්තේ රුපියල් 288 සිට රුපියල් 290ක් සහ රුපියල් 300 සිට රුපියල් 302 දක්වායි.

Peoples Bank 6
Com bank 3
Sampath Bank 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
28
+1
8
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?