AFC Banner
AFC Banner
Empty Ad

ඩේවිඩ් වෝනර් ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි

ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන ග්‍රීෂ්ම සෘතුවේ පකිස්ථානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය තමන් ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගාවලිය වනු ඇති බවයි ඔහු සඳහන් කලේ.

අනතුරුව බ්‍රිස්බන් සහ ඇඩිලේඩ් හි පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලියට තම දායකත්වය හිමි නොවන බවත් වෝර්නර් තහවුරු කලා.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 103 කට ක්‍රීඩා කර ඇති ඩේවිඩ් වෝනර් රැස්කර ඇති ටෙස්ට් ළකුණු සංඛ්‍යාව 8,158ක්.

ඒ අනුව ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ළකුණු ලාභීන් අතර 07 වැන්නා බවටද ඔහු පත්ව සිටිනවා.

ලබන සැප්තැම්බර් මාසයේ ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානය මෙන්ම ලබන වසරේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලානයෙන් අනතුරුව සමස්ත ක්‍රිකට් ක්ෂේත්‍රයෙන් සමුගැනීමට බලාපොරොත්තු වන බවයි ඩේවිඩ් වෝනර් කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?